ගුවන් පාලමක් කඩා වැටී 18ක් මරුට [සංවේදී දර්ශන සහිතයි]

 05/16/2018 - 08:09
469 reads

ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ වරණාසි ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ ගුවන් පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ කඩා වැටුණු කොන්ක්‍රීට් තට්ටුවලට යටවූ වාහන වල සිටින පුද්ගලයින් බේරා ගැනීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බවයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ඉදිකරමින් තිබූ ගුවන් පාලමේ කොන්ක්‍රීට් කණූ දෙකක් කඩා වැටුණු බවත් එය පහළ ධාවනය වෙමින් තිබූ බස් රථ ඇතුළු වාහන කිහිපයක් මතට කඩා වැටුණ බවයි.
සුන්බුන් අර සිරව සිටි පුද්ගලයින් 30 කට ආසන්න පිරිසක් මුදවා ගැනීමට සමත්ව ඇති අතර ඉන් බහුතරය ඉදිකිරීම් කටයුතුවල නිරත වූ සේවකයින් බවයි වාර්තා වන්නේ.
මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරමින් වැඩිදුරටත් කියාසිටයේ සහන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් සපයා දෙන බවයි.
2016 වසරේ කොල්කටා හි පිහිටි ගුවන් පාලමක් කඩා වැටීමෙන් ද පුද්ගලයින් විසි දෙනෙකු මිය ගියා.

 

සංවේදී දර්ශන සහිතයි

 

 

news24.lk
News24
sri lanka news 24
24 news