2017 දී ෆේස් බුක් හිමිකරුගේ ආරක්ෂාවට ඩොලර් 73 ලක්ෂයක්

 04/17/2018 - 16:46
8 reads

ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග්ගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් පසුගිය වසරේදී පමණක් අමෙරිකානු ඩොලර් ලක්ෂ 73 ක් වැය කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඔහුගේ පෞද්ගලික ගුවන් යානය සඳහා පමණක් ඩොලර් මිලියන 1.5 ක් වැය කර ඇති බව සඳහන්.

එම වියදම 2016 වසරට සාපේක්ෂව සියයට 54 ක වැඩිවීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොව විශාලතම සමාජ මාධ්‍ය වන ෆේස්බුක් ජාලය ලොව පුරා කෝටි 200 කට අධික පිරිසක් පරිහරණය කරනු ලබනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news