බංග්ලාදේශයට පලා ගිය රෝහින්ග්‍යා පවුලක් යලි මියන්මාරයට

 04/15/2018 - 17:50
3 reads

මියන්මාරයේ රකීනා ප්‍රාන්තයේ සිදුවූ ගැටුම් හේතුවෙන් බංග්ලාදේශයට පලා ගිය රෝහින්ග්‍යා ජනතාව අතරින් එක් පවුලක් යළි මියන්මාරයට පැමිණ තිබෙනවා.
ඒ, යළි මියන්මාරයට පැමිණිම නුසුදුසු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදුකර තිබූ අනතුරු ඇගවීම ද නොතකමින්.
බංග්ලාදේශයට පලා ගිය ජනතාව අතරින් යළි මියන්මාරයට පැමිණි පළමු පවුල මෙම පිරිස බවයි වාර්තා වන්නේ.
පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට පැවති අදාළ ගැටුම් නිසා බංග්ලාදේශයට පලා ගිය රෝහින්ග්‍යා ජනතාවගේ සංඛ්‍යාව ලක්ෂ 7 කට ආසන්නයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news