රසායනික අවි ප්‍රහාරය පිළිබඳ කරුණු සෙවීම වැලැක්වීම සිරියාවට එරෙහි බටහිර ප්‍රහාරවල අරමුණයි - රුසියාව

 04/14/2018 - 19:46
10 reads

පසුගිය සතියේ සිරියාව තුළ සිදුවූ රසායනික අවි ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම වැලැක්වීම, අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවට එරෙහිව එල්ල කරන ප්‍රහාරවල අරමුණ බව රුසියාව පවසනවා.

රුසියානු විදේශ  කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ නිලධාරීන් අදාළ රසායනික ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර බටහිර රටවල් අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.

එම පරීක්ෂණ කටයුතු අඩාල කිරීමට බටහිර රටවලට අවශ්‍ය වී ඇති බව රුසියාව පෙන්වා දෙනවා.

එල්ල කෙරුණු අදාල රසායනික අවි ප්‍රහාරය හුදෙක් එක්තරා පාර්ශවයක රගදැක්වීමක් පමණක් බවට සිරියාව සහ රුසියාව ඉදිරිපත් කරන සාක්ෂි ද බටහිර රටවල් නොසලකා හරින්නේ යැයි රුසියාව පෙන්වා දෙන බවයි  රුසියා ටුඬේ මාධ්‍ය ආයතනය වාර්තා කර ඇත්තේ.

 

සම්බන්ධිත පුවත්

 

news24.lk
News24
sri lanka news 24
24 news