භයානක ප්‍රතිවිපාකවලට මුහුණදීමට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට සිදුවනු ඇතැයි රුසියාව අනතුරු අඟවයි

 04/14/2018 - 19:25
54 reads

අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවට එරෙහිව ආරම්භ කර ඇති යුධ මෙහෙයුම්වලට දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි  රුසියාව අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.
පසුගිය සතියේ දී සිරියාවේ සිදු වූ රසායනික අවි ප්‍රහාරය සිරියානු රජය විසින් එල්ල කළ බවට චෝදනා නගමිනුයි බටහිර රටවල් සිරියාවට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ.
අදාළ රසායනික ප්‍රහාරයෙන් ළමයින් ඇතුළු සිවිල් වැසියන් 70 දෙනෙකු  මිය ගියා.
වසර ගණනාවක් තිස්සේ පවතින සිරියානු අර්බුදය රුසියාව සහ බටහිර රටවල් අතර රාජතාන්ත්‍රික මට්ටමින් ගැටුම් ඇති වීමට පසුගිය කාලය  පුරාම හේතු වූ බවයි සී.එන්.බී.සී පුවත් සේවය පෙන්වා දෙන්නේ.
අමෙරිකාවේ රුසියානු තානාපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පෙර සැළසුම් කරන ලද ක්‍රියාවලියක් මේ වන විට බටහිර රටවල් විසින් ක්‍රියාත්මක කරන බවයි.
සිරියාවට එරෙහිව එල්ල කරන ප්‍රහාර සුලුකොට නොතකන බවත් ඊට දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට අමෙරිකාවට, බි්‍රතාන්‍යයට සහ ප්‍රංශයට සිදුවනු ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

සම්බන්ධිත පුවත්

 

news24.lk
News24
sri lanka news 24
24 news