සිරියාවට එරෙහි ප්‍රහාර රුසියානු ජනපති හෙළා දකියි

 04/14/2018 - 18:17
46 reads

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය විසින් සිරියාව ඉලක්ක කරමින් එල්ල කරමින් පවතින ප්‍රහාර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.
උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් වහා එක්සත් ජාතීන්ගේ රැස්වීමක් කැදවිය යුතු බවයි රුසියානු ජනාධිපතිවරයා එරට රජයේ රූපවාහිනිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ.
බටහිර රටවල් ආරම්භ කර ඇති මෙහෙයුම් ආක්‍රමණකාරී ක්‍රියාවක් ලෙස ද ව්ලැදිමීර් පුටින් හදුන්වා දී තිබෙනවා.
පසුගිය සතියේ දී සිරියාවේ සිදු වූ රසායනික අවි ප්‍රහාරය එරට රජය විසින් එල්ල කළ බවට චෝදනා නගමිනුයි බටහිර රටවල් සිරියාවට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ.

 

සම්බන්ධිත පුවත්

සිරියාවට එරෙහිව අමෙරිකාව සටන අරඹයි

 

news24.lk
News24
sri lanka news 24
24 news