පොලිසියේ අටක් ගෙදර යැවූ මියෝ

 04/14/2018 - 17:57
4 reads

ආර්ජන්ටිනාවේ පොලීසියක් තුළ තිබූ මත්ද්‍රව්‍ය තොගයක් මීයන් රැගෙන යාමේ චෝදනාව මත පොලිස් නිලධාරීන් අට දෙනෙකු සේවයෙන් පහ කර තිබෙනවා.
පිලාර් නගරයේ පොලිස් ගබඩා පරිශ්‍රයක තිබූ මරිජුවානා වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 540ක් මෙලස මීයන් විසින් කා ඇති බව මෙම පොලිස් නිලධාරීන් විසින් අධිකරණය හමුවේ පවසා ඇති බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් සත්ව විශේෂඥයින් කළ පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ ආහාරයක් ලෙස මීයන් විසින් මත්ද්‍රව්‍ය කිසිසේත්ම ආහාරයට නොගන්නා බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news