හිටපු අගමැතිට දේශපාලනය නොකරන ලෙසට නියෝගයක්

 04/13/2018 - 20:15
10 reads

දේශපාලනය කිරීමේදී විවිධ පුද්ගලයන්ට විවිධ චෝදනා එල්ල වනවා. එවැනි පුද්ගලයෙක්ට ලැබුණු විරල ආකාරයේ නියෝගයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. එම විරල පුවත වාර්තා වන්නේ පාකිස්ථානයෙන්.
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාෂ් ෂරීෆ්ට ජීවිතාන්තය දක්වාම දේශපාලන කටයුතුවල නිරත වීමට නුසුදුස්සෙක් බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් එය ඒකමතිකව ථීන්දු කර ඇති බවයි.
67 හැවිරිදි නවාෂ් ෂරීෆ්ට එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත පසුගිය වසරේ ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුණා.
අද දින ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් අදහස් දක්වන පකිස්තාන රජය සහන් කරන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් වන තීරණය අධිකරණය විසින් නොව පාර්ලිමේන්තුව විසින් සිදුකළ යුත්තක් වන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news