අටමස් ගැබිණි ගායිකාව වෙඩි තබා ඝාතනය කිරීම - සංගීතඥයන් විරෝධතාවයේ

 04/13/2018 - 11:44
430 reads

පාකිස්තානයේ සංගීතඥයන් පිරිසක්  විරෝධතාවක නිරත වනවා.

ඒ, පසුගිය අඟහරුවාදා පස්වරුවේ පවුලේ උත්සව අවස්ථාවක දී ගායනයක් ඉදිරිපත් කළ ගායිකාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන ලෙස බලකරමින්.

28 හැවිරිදි වියේ පසු වූ ගායිකා සමීරා සින්ධු (Samira Sindhu) ඝාතනය කරන විට අට මසක ගැබිණියක්.

සමීරා සින්ධු ඝාතනයට හේතුව පැහැදිලි නොවන බවයි වාර්තා වූයේ.

සින්ද් පළාතේ  Larkana නගරය සමීපයෙහි Kanga ග්‍රාමයේදී වෙඩි තැබීම සිදුව තිබෙනවා.

සමීරාගේ සැමියා පවසන්නේ පුද්ගලයෙක් තුවක්කුවක් එල්ල කරමින් බිරිඳට නැගී සිට ගී ගයන ලෙස තර්ජනය කල බවයි.

ඇය ගැබ්ගෙන සිටි බැවින්  නැගී සිටින්නට නොහැකි වූ බව සැමියා පොලිසියට පවසා තිබෙනවා.

මරණය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනු  අතර  අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර සැකකරු  රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Samira Sindhu