සිරියානු යුද්ධයෙන් මරුකැඳවූවන් ගණන ලක්‍ෂ 05 ඉක්මවයි

 03/13/2018 - 12:34
8 reads

සිරියානු යුද්ධයෙන් වූ ජීවත හානි සංඛ්‍යාව පන්ලක්‍ෂය ඉක්මවා ඇති බව බි්‍රතාන්‍ය කේන්ද්‍රකොට ගත් සිරියානු මානව හිමිකම් සංවිධානයක් පවසනවා.

එමගින් පෙන්වාදෙන්නේ සිරියානු යුද්ධය ආරම්භ වී ගත වූ වසර 7 කාලය තුළ පුද්ගලයින් පන් ලක්‍ෂ එකොළොස් දහසක් මියගොස් ඇති බවයි.

එමෙන්ම මිලියන ගණනක සිරියානුවන් සිය නිවෙස්වලින් පලාගොස් ඇති අතර, ඔවුන් විදෙස් රටවල සරණාගතයින් ලෙස  දිවි ගෙවන බවයි එම මානව හිමිකම් සංවිධානය පෙන්වාදෙන්නේ.

සිරියානු යුද්ධයෙන් මියගිය  පුද්ගලයින් අතරින් 85% ක් පමණ සිවිල් වැසියන් වීම ද විශේෂත්වයක්.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news