බෙංජමින් නෙතන්යාහු තමන් නිර්දෝෂී බව යළි කියයි

 02/14/2018 - 10:45
10 reads

තමන් වෙත එල්ල වී ඇති සියලු දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු  යළි අවධාරණය කර තිබෙනවා.

එරට රූපවාහිනී මාධ්‍යයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් තවුරටත් අග්‍රාමාත්‍යධූරය හොබවනු ඇති බවයි.

මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා විසින් එරට අගවිනිසුරුවරියට එරෙහිව ද චෝදනා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මාස ගණනාවක සිට බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව ඊශ්‍රායල ජනතාව විරෝධතා ආරම්භ කර ඇති අතර එරට පොලීසිය සඳහන් කරන්නේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව අල්ලස් චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි ද තමන් සතු බවයි.

මේ අතර, ඊශ්‍රායල නීතිපතිවරයා සඳහන් කරන්නේ පවතින සාක්ෂි පරීක්ෂා කර බලා ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බවයි.

තමාට එරෙහි පරීක්ෂණවල තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම වැලැක්වීම සඳහා පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news