අමෙරිකාවේ නව අයවැය පනත් කෙටුම්පතට ජනපතිගේ අනුමැතිය

 02/10/2018 - 15:54
5 reads

අමෙරිකාවේ නව අයවැය පනත් කෙටුම්පත ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අනුමත කිරීමත් සමග එරට රාජ්‍ය කටයුතු යළි යථා තත්ත්වයට පත්ව තිබෙනවා.

නියමිත කාල සීමාවට පෙර නව අයවැය පනත් කෙටුම්පත සඳහා ඡන්දය ලබා දීමට එරට කොංග්‍රස් මණ්ඩලය අපොහොසත්වීම හේතුවෙන් අමෙරිකානු ආණ්ඩුව අකර්මන්‍ය වුණා.

අමෙරිකාවේ ඉදිරි වසර දෙකක කාලයක් සඳහා වන අයවැය අනුමත කර ගැනීම සඳහා කොංග්‍රස් සභිකයින් සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.

පිටු 650 කින් යුත් නව සැළසුම් මගින් ආරක්ෂක හා දේශිය සේවා සඳහා ලබා දෙන ප්‍රතිපාදන අමෙරිකානු ඩොලර් බිලියන 300 කින් ඉහළ නංවා ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news