වෙඩි තබන්න, සිරගත නොකරන්න. - පිලිපීන ජනපතිගෙන් ඉල්ලීමක්

 02/10/2018 - 09:54
52 reads

තමාව සිරගත නොකර වෙඩි තැබීමට පියවර ගන්නා ලෙස පිලිපීන ජනාධිපති  රොද්‍රිගෝ දුතර්තේ ජාත්‍යන්තර මානව හිමිකම් අධිකරණයෙන්  ඉල්ලීමක් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ තමාට එරෙහිව යම් විමර්ශනයක් සිදු කරන්නේ නම් ඊට ද නොබියව මුහුණ දෙන බව හෙතෙම අවධාරණය කර ඇති බවයි.
මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කිරීම මෙන්ම ඔවුන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියා මාර්ග හේතුවෙන් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට පිලිපීන ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news