ට්‍රම්ප් සහ මෝදි අතර දුරකථන සංවාදයක්

 02/09/2018 - 20:55
1 read

මාලදිවයින තුළ මතුව ඇති දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දුරකතන සංවාදයක නිරත වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් හදිසි නීතිය පනවා අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු අත්අඩංගුවට ගැනීමෙන් පැනනැගී ඇති අර්බුදය ඔවුන් සාකච්ඡා කර ඇති බවයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර මෙම වසරේ පැවැත්වූ පළමු දුරකතන සංවාදය ද මෙය බව සඳහන්.
මෙම සාකච්ඡාවේදී මාලදිවයින මෙන්ම ඉන්දු ෆැසිපික් කළාපයේ ආරක්ෂාව සහ  එම කළාපයේ සංවර්ධනය සම්බන්ධයෙන් ද නායකයින් දෙදෙනා අදහස් හුමවාරු කර ගත් බවයි ධවල මන්දිරය සඳහන් කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news