උතුරු කොරියානු හමුදාවේ 70 වන සංවත්සරය අද

 02/08/2018 - 12:06
6 reads

ශීත ඍතු ඔලිම්පික් තරගාවලිය ආරම්භවීමට ප්‍රථම උතුරු කොරියානු හමුදාවේ 70 වන සංවත්සරය සැමරීම අදට යෙදී තිබෙනවා.
හමුදා පෙළපාලිය අද පස්වරුවේ ආරම්භවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
වසර 40ක් පුරා මෙම සංවත්සරය පවත්වා ඇත්තේ අප්‍රේල් මාසයේ දීයි.
අමෙරිකාව පවසන්නේ උතුරු කොරියාව ශීත ඍතු ඔලිම්පික් තරගාවලිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කල යුතු බවයි.
කෙසේවෙතත් උතුරු කොරියාව සඳහන් කරන්නේ ඒ පිළිබඳව කිසිදු රටක් තමන්ට බලපෑම් එල්ල කළ නොහැකි බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news