නෂීඩ් නිදහස් කරන ලෙසට පැනවූ තීන්දුව අහෝසි කරයි

 02/07/2018 - 11:46
1 read

මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඩ් ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයින් 9 දෙනෙකු නිදහස් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අහෝසි කර තිබෙනවා.
බී.බී.සි ලෝක සේවය සදහන් කරන්නේ ජනපති අබ්දුල්ලා යමීන්ගේ බලපෑම මත  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු විසින් එම තීන්දුව අහෝසි කර ඇති බවයි.
මාලදිවයින් දේශපාලන අර්බුදය උග්‍ර කරමින් අගවිනිසුරුවරයා සහ තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරයෙකු එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් තුළ මෙම නව තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බව සදහන්.
අබ්දුල්ලා යමීන්ට එරෙහිව ඇති කුමන්ත්‍රණකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා මාලදිවයින් රජය රටතුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news