තායිවානයේ ප්‍රබල භු කම්පනයක්

 02/07/2018 - 07:48
10 reads

තායිවානයට බලපෑ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 200 කට අධික  පිරිසක් තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එම භූ කම්පනය රික්ටර් මාපාංක 6.4 ක ප්‍රබලත්වයකින් යුක්ත වූ බවයි.
හියුලින් නගරයේ හෝටල් සහ නේවාසික ගොඩනැගිලි කිහිපයක් විනාෂ වී ඇති අතර එහි සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා මේ වන විට සහන කණ්ඩායම් යොදා ඇති බව සඳහන්.
විනාශ වූ ගොඩනැගිලි අතර රෝහලක් ද තිබෙන බවයි වාර්තා වන්නේ.
නිවාස 40,000 කට පමණ හානි සිදුව ඇති අතර මහා මාර්ග කිහිපයක් ද වසා දමා ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news