නෂීඩ් උදව් ඉල්ලයි

 02/06/2018 - 21:25
2 reads

රට තුළ මතුව ඇති දේශපාලන අර්බුදය සඳහා මැදිහත් වන ලෙස මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ජාත්‍යන්තරයෙන් ඉල්ලා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිවරයා වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් ධූරයෙන් ඉවත් කිරීමට සහය වන ලෙසට අමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලා ඇති  බවයි.
වත්මන් ජනාධිපතිවරයා හදිසි නීතිය ක්‍රියාත්මක කරන මුවාවෙන් හමුදා නීතිය ක්‍රියාත්මක කර ඇති බව රටින් පිටුවහල් කර සිටින හිටපු ජනාධීපති මොඩොමඞ් නෂීඞ් අවධාරණය කර සිටිනවා.
මාලදිවයින් දේශපාලන අර්බුදය උග්‍ර කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරයා ඇතුළු තවත් විනිශ්චකාරවරයෙකු එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම අර්බුදය ආරම්භ වූයේ දේශපාලන සිරකරුවන් ලෙස චෝදනා ලැබ සිටි හිටපු ජනාධිපතිවරයා ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයින් 8 දෙනෙකු මුදා හරින ලෙසට අධිකරණය කළ නියෝගය වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් ප්‍රතික්ශේප කිරීමත් සමගයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news