සෞදි අරාබියේ කාන්තාවන් පිරිසක් ප්‍රථමවරට ක්‍රීඩාංගණයකදී පාපන්දු තරඟයක් සජීවි ලෙස නරඹයි

 01/13/2018 - 15:41
8 reads

දැඩි ඉස්ලාමීය නීති පද්ධතියක් ක්‍රියාත්මක සෞදි අරාබියේ කාන්තාවන් පිරිසක් ඊයේ ප්‍රථමවරට ක්‍රීඩාංගණයකදී පාපන්දු තරඟයක් සජීවි ලෙස නැරඹීමට එක්ව තිබෙනවා.
සෞදි කාන්තාවන්ට මෙතෙක් පාපන්දු ක්‍රීඩාංගණවලට ඇතුළුවීම තහනම්ව තිබුණා.
කෙසේ වෙතත් සෞදි රජය පසුගිය සතියේ ප්‍රකාශ කළේ ඔවුන්ට ඒ සඳහා අවසථාව ලබාදෙන බවයි.
ඒ අනුව ජෙඩා නුවර අබ්දුල්ලා ක්‍රීඩා සංකීර්ණයේ ඊයේ පැවැති පාපන්දු තරඟය නැරඹීමට සෞදි කාන්තාවන් විශාල පිරිසක් දැඩි උද්යෝගයකින් සහභාගි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.
මේ අතර සෞදි කාන්තාවන්ට ලබන ජුනි මාසයේ සිට මෝටර් රථ තනිව පැදවීමට ද අවසර හිමි වනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news