වසර 60ක සිර දඬුවමක් නියම වූ එඩ්ගා රේ කිලන් මරුට

 01/13/2018 - 12:32
12 reads

මිසිසිපිහි සිවිල් කම්කරුවන් තිදෙනෙකු ඝාතනය කිරීමට වරදකරු වු  කූ ක්ලස් ක්ලෑන් සංවිධානයේ නායකයා වු එඩ්ගාර් රේ කිලන් මියගොස් තිබෙනවා.

නිදහස් අරගලයක් මුල්කරගනිමින් අදාළ කම්කරුවන් තිදෙනා කටයුතු කර තිබුණා.

1964 වසරේ සිදු වු අදාළ ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ඔහුට 2005 වසරේ දී වසර  60ක සිර දඬුවමක් නියම වුණා.

1925 ජනවාරි 17 වන දා උපත ලැබු ඔහු මියයන විට 93වන විය සම්පූර්ණවීමට ඉතිරිව තිබුණේ දින 06ක් පමණයි.

අදාළ ඝාතන සිද්ධියට පසු මිසිසිපිහි සිවිල් අයිතිවාසිකම් පනත ප්‍රවර්ධනය කිරීමට අවස්ථාව හිමි වු බව සඳහන්.

එඩ්ගා රේ කිලන්ගේ මෙම ඝාතන සිද්ධිය පාදක කරගනිමින් නිර්මාණය වු චිත්‍රපටයක් 1988 වසරේ දී ඔස්කා සම්මානයට ද පාත්‍ර වුණා.

news24.lk
News24
sri lanka news 24
24 news
Edgar Ray Killen
Ku Klux Klan
Freedom Summer
Philadelphia
Mississippi