ට්‍රම්ප්ගේ වෛද්‍ය වාර්තාව ගැන විශේෂ හෙලිදරව්වක්

 01/13/2018 - 09:41
43 reads

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෛද්‍ය පරීක්ෂණ අවසන් බව ධවල මන්දිරය පවසනවා.

ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ට්‍රම්ප්  මුහුණ දුන් පළමු වෛද්‍ය පරීක්ෂණය වන්නේ මෙයයි.

ජනපති   සඳහන් කරන්නේ පරීක්ෂණ වාර්තාව යහපත් මට්ටමක පවතිනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි.

මොහුගේ වෛද්‍ය පරීක්ෂණය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු  විවිධ මත පළ කරනු ලැබුවා.

ඒ, ඔහු ගනුලැබු දැඩි ආවේගකාරී තීන්දු තීරණ හමුවේ දැඩි මානසික ආතතියකින් ට්‍රම්ප් පෙලෙන බවට අනුමාන කිරීමත් සමඟයි.

මෙම වෛද්‍ය පරීක්ෂණයේ දී  අමෙරිකානු ජනාධිපතිවරයා  මානසික සෞඛ්‍ය පිළිබඳව වන පරීක්ෂණයකට ද මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

    
මෙම වෛද්‍ය වාර්තා අධීක්ෂණයෙන් පසු ධවල මන්දිර වෛද්‍යවරයා විසින් ලබන අඟහරුවාදා මාධ්‍ය වෙත අනාවරණය කරනු ඇති.

ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමට පෙර 2016 සැප්තැම්බර් මාසයේදී වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දෙනු ලැබුවා.

ඒ අනුව ඔහුගේ සම්පුර්ණ කොලෙස්ට්‍රෝල් මට්ටම 169ක් බවත් රුධිර පීඩනය 116ත් 70ත් අතර පැවති බවයි වාර්තා වුණේ.

71 හැවිරිදි ඩොනල්ඩ්  ට්‍රම්ප් ඔහුගේ වයසට අනුව මෙවන් සෞඛ්‍ය මට්ටමක සිටීම යහපත් තත්ත්වයක් බවයි වෛද්‍යවරුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

(උපුටා ගැනීම BBC)

news24.lk
News24
sri lanka news 24
24 news
Donal Trump
US
Medical
Test