සංක්‍රමණිකයින්ගේ පැමිණීම ගැන ට්‍රම්ප්ගෙන් යළිත් වරක් ආන්දෝලාත්මක ප්‍රකාශයක්

 01/12/2018 - 18:55
5 reads

අමෙරිකාවට නීතිවිරෝධී සංක්‍රමණිකයින්ගේ පැමිණීම පිළිබඳ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යළිත් වරක් ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
හයිටිය, එල් සැල්වදෝරය සහ අප්‍රිකානු රටවලින් ඇමරිකාවට සංක්‍රමණිකයින් පැමිණීම ප්‍රශ්ණයක් බවයි ජනපති ට්‍රම්ප් රිපබ්ලිකන් පාක්ෂික මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ.
එමෙන්ම, එල් සැල්වදෝරයෙන් පැමිණි දෙලක්ෂයකට අධික සංක්‍රමණිකයන්ට ලබාදුන් වීසා පහසුකම් අත්හිටුවීමට ද ඔහු තීරණය කර තිබෙනවා.
මෙම තීරණය ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ මෙන්ම කළු ජාතික සිවිල් සංවිධානවල ද දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
මේ අතර ධවල මන්දිරය කියා සිටියේ අනෙකුත් දේශපාලනඥයින් වෙනත් රටවල් වෙනුවෙන් පෙනී සිටියද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමරිකානුවන් වෙනුවෙන් කටයුතු කරන බවයි.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news