ෆේස්බුක් සමාජ ජාලය තුළ වෙනස්කම් රැසක්

 01/12/2018 - 17:50
5 reads

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය යාවත්කාලීන තොරතුරු ගලා එන නිව්ස් ෆීඞ් නැමැති පහසුකම තුළ වෙනස්කම් රැසක් සිදු කිරීමට එම සමාගම කටයුතු යොදවා තිබෙනවා.
ඒ අනුව ව්‍යාපාර සන්නාම සහ විවිධ මාධ්‍ය සඳහා අවම ප්‍රමුඛතාවක් ලබා දෙමින් එම වෙනස්කම් සිදු කිරීමට නියමිත බව සඳහන්.
ඒ වෙනුවට පවුලේ ඥාතීන් මෙන්ම මිතුරන් අතර වැඩි වශයෙන් කතා බහක් ඇති කරන සිදුවීම් ලබා දීමට සූදානම් බවයි ෆෙස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බග් සඳහන් කරන්නේ.
නිව්ස් ෆීඞ් ඔස්සේ පැමිණෙන ඇතැම් දැන්වීම් හේතුවෙන් ජනප්‍රියත්වය අඩුවීමක් සිදුව ඇති බවට අධ්‍යනයකින් තහවුරු වීමත් සමග මෙම වෙනස්කම් සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව ඉදිරි සති කිහිපය තුළදී මෙම වෙනස්කම් සිදුවනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news