MH370 සෙව්වොත් ඩොලර් මිලියන 70ක් - නැතිනම් දින 90ක් අපතේ

 01/11/2018 - 17:21
44 reads

අතුරුදන් වූ MH370 මලයාසියානු ගුවන් යානය සෙවීමේ කටයුතු සඳහා අමෙරිකාවට ඩොලර් මිලියන 70ක මුදලක් ලබාදීමට අදාළ  ගිවිසුමට  මලයාසියාව අත්සන් තබා තිබෙනවා.

දින  90ක් ඇතුළත යානය සෙවීම සඳහා අමෙරිකානු සමුද්‍රිය ගවේශන සමාගමක් සමග ගිවිසුම අත්සන් තබා තිබෙනවා.

ගිවිසුමගත  මුදල ගෙවනු ලබන්නේ MH370 මලයාසියානු ගුවන්යානය හෝ එහි සුන්බුන්  පිළිබඳ පිළිගතහැකි තොරතුරක් ලදහොත් පමණයි.

මෙහෙයුම් කටයුතු ලබන 17වන දා ආරම්භ කරනු ඇති බවයි සඳහන් වන්නේ.

මගීන් 239 දෙනෙකු රැගත් Boeing 777 වර්ගයේ MH370 යානය මලයාසියාවේ ක්වාලාලාම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කරන අතරතුරදී අතුරුදන් වූයේ 2014 මාර්තු 08වනදා.

news24.lk
News24
sri lanka news 24
24 news
US firm
MH370
Malaysia Airlines Flight 370
no-find
no-fee
contract
Kuala Lumpur
Beijing
239 people
Ocean