හොන්ඩුරාස් රාජ්‍යයේ හටගත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

 01/11/2018 - 08:47
8 reads

කැරිබියන් දුපත්වලට අයත්  හොන්ඩුරාස් රාජ්‍යයේ හටගත් ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව පුද්ගලයින් 17 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රික්ටර් පරිමාණ ඒකක 7යි දශම 6 ක් ලෙස සටහන් වෙමින් සිදු වු භූ කම්පනය හේතුවෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර 28 දෙනෙතකු තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට අමෙරිකානු වර්ජීන් දුපත් සහ ෆර්ටරීකා රාජ්‍යයන්ට මෙන්ම කියුබාව, ජැමෙයිකාව, මෙක්සිකෝව, හොණ්ඩුරාස් රටවල් කිහිපයකට අනතුැරු ඇඟවීමක් ද සිදු කරනු ලැබුවා.

කෙසේවෙතත් මේ දක්වා සුනාමි තත්ත්වයක් වාර්තා වී නැහැ.

භූ කම්පනය හේතුවෙන් නිවාස සියයක් පමණ සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර නිවාස 300කට අර්ධ හානි සිදුව තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news