කැරිබියන් දූපත් ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්. - සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවධානමක්

 01/10/2018 - 12:45
13 reads

කැරිබියන් දුපත්වලට අයත්  හොන්ඩුරාස් රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණ ඒකක 7යි දශම 6 ක් වන බවයි.
සුනාමි අවදානමක් ඇති විය හැකි බවට අමෙරිකානු වර්ජීන් දුපත් සහ ෆර්ටරීකා රාජ්‍යයන්ට මෙන්ම කියුබාව, ජැමෙයිකාව, මෙක්සිකෝව, හොණ්ඩුරාස් රටවල් කිහිපයකට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව සුනාමි අනතුරු ඇගවීමක් කළ වහාම අදාල රටවල බලපෑම් එල්ල විය හැකි ප්‍රදේශවල ජනතාව කඩිනමින් ඉවත් විය යුතු බවටයි අමෙරිකානු  භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.
අමෙරිකානු භූ විද්‍යා සම්ක්ෂණ ආයතනය සදහන් කලේ මෙම භූ කම්පනය හේතුවෙන් මුහුදු රළ මිටර් 3 ක් දක්වා ඉහළ යා හැකි බවයි.
කෙසේ වෙතත් භූ කම්පනයෙන් සිදුව ඇති හානි පිලිබද මෙතෙක් වාර්තා වී නැහැ.

 

news24.lk
News24
sri lanka news 24
24 news