උතුරු සහ දකුණු කොරියාව ආරක්ෂක සාකච්ඡා අරඹයි

 01/10/2018 - 11:20
1 read

උතුරු සහ දකුණු කොරියානු දේශ සීමාවල පවතින ගැටලුකාරී තත්ත්වය තුරන් කරමින් ආරක්ෂක සාකච්ඡා ආරම්භ කිරීමට දෙරටේ බලධාරීන් එකගතාවකට පැමිණ තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ වසර 2කට පසු උතුරු සහ දකුණු  කොරියානු රාජ්‍යයන් අතර ප්‍රථම සාකච්ඡා වටය ආරම්භ කරමින් මෙම එකගත්වයට පැමිණ ඇති බවයි.
මේ අතර, ලබන මස දකුණු කොරියාව් සෝල් නුවරදී පැවැත්වෙන ශිත ඍතු ඔලිම්පික් උළෙලට තම කණ්ඩායමක් සහභාගී කරවන  බවට ද උතුරු කොරියාව තහවුරු කර තිබෙනවා.
එමෙන්ම මීට වසර 2කට පමණ පෙර දෙරට අතර ඇණ හිටි ඍජු දුරකතන යළි සක්‍රීය කිරීම සම්බන්ධයෙන් ද බලධාරීන් සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්.
කෙසේ  වෙතත් සම්පූර්ණයෙන් ම න්‍යෂ්ටික අත්හදා බැලීම් අත්හැරීම සම්බන්ධයෙන් උතුරු කොරියාවෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් හිමි නොවූ බවයි දකුණු කොරියාව පවසන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news