ඉන්දියාවේ අවන්හලක ගින්නක් - පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

 01/09/2018 - 14:30
3 reads

ඉන්දියාවේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම ගින්නෙන් අවන්හලේ නැවති සිටි සේවකයින් 5 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ මගින් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය සති දෙක තුල ඉන්දියාවේ මුම්බායි නගරයේ ගිනි අනතුරු වලින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

news24.lk
News24
sri lanka news 24
24 news