කුක් චණ්ඩ මාරුතය නවසීලන්තයට ඇතුල් වෙයි

 04/13/2017 - 19:48
7 reads

නවසීලන්තයට බලපා ඇති කුක් නමැති දරුණු ඝනයේ චන්ඩ මාරුතය මේ වනවිට කොරමන්ඩල් අර්ධද්වීපයට ඇතුළු වී තිබෙනවා.
එය පැයට කිලෝමීටර් 150 ක වේගයෙන් කඩාවැදීමට නියමිත බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එම ප්‍රදේශවල ජනයා මේ වනවිට ආරක්ෂාකාරි ස්ථානවලට යොමුකරමින් තිබෙන අතර උතුරු නවසීලන්තයට දැඩි වර්ෂාපතනයක් මේ වනවිට ඇදහැලෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ද හට ගෙන ඇති අතර, ප්‍රදේශයේ විදුලි බලය ද ඇණ හිට තිබෙනවා.

 

Cyclone Cook
New Zealand