ජෙරුසලම ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ලොව පුරා විරෝධය

 12/07/2017 - 19:37
44 reads

ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගන්නා බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශය මේ වන විට ලොව පුරා රටවල් රැසක දැඩි විවේඡනයට ලක්ව තිබෙනවා.

ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය සඳහන් කර ඇත්තේ අදාළ තිීරණයට තමන් කිසිසේත් සහයෝගය නොදක්වන බවයි.

සෞදි අරාබියද මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණය අසාධාරණ සහ වගකීම් විරහිත ක්‍රියාවක් බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news