ජෙරුසලමට ලෝක බලවතුන් ගැටෙයි

 12/07/2017 - 14:07
6 reads

ජගත් මහලේකම් අන්තෝනියෝ ගුටරේස් විසින් ජෙරුසලම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සදහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සීලයේ සාමාජිකයින් කැදවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ ජෙරුසලම ඊශ්‍රායලයේ ප්‍රධාන නගරය ලෙස අමෙරිකාව පිලිගන්නා බවට ප්‍රකාශයට පත්කිරිමත් සමග ඇතිව තිබෙන ගැටලුකාරි තත්වය සාකච්ඡා කිරිම සදහා එම හමුව කැදවා ඇති බවයි.
මිට පෙර මැදපෙරදිග රටවල නායකයින් අමෙරිකානු ජනාධිපතිවරයාට අනතුරැ අගවා තිබුණේ ජෙරැසලම පලස්තීනයට ද අයත් බැවින් එවැනි ප්‍රකාශයක් නිකුත් කිරිමෙන් මුස්ලීම් රටවල විරෝධය ඇතිවිය හැකි බවයි.
කෙසේ වෙතත් එම අනතුරු ඇගවීම නොතකා අමෙරිකානු තානාපති කාර්්‍යාලය ජෙරුසලම නගරයට ගෙනයන බව අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කලා.

 

news24.lk
News24
sri lanka news 24
24 news