උතුරු ඉන්දියාවේ භූ කම්පනයක්

 12/07/2017 - 07:23
4 reads

උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රදේශයේ රික්ටර් පරිමාණ ඒකක 5.5ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එරට වේලාවෙන්  ඊයේ රාත්‍රී 8.45ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති අතර එය දිල්ලි නගරයට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් ඉන් සිදුවූ ජීවිත හෝ දේපල හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.
ගතවූ පැය 24 කාලය තුළ උත්තරාකාන්ද් ප්‍රදේශයේ රික්ටර් පරිමාණ ඒකක 3.3 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් ද සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ද මේ දිනවල ඉන්දියාවේ තරග සංචාරයක නිරත වනවා.
භූ කම්පන හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු අනතුරක් සිදුව නොමැති බව ද සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news