අමෙරිකානු මාධ්‍ය ආයතනවලට රුසියාවේ පාර්ලිමේන්තුව තහනම්

 12/06/2017 - 20:03
11 reads

අමෙරිකානු මාධ්‍ය ආයතන 9කට සිය පාර්ලිමේන්තුව  වාර්තා කිරීම, රුසියාව විසින් තහනම් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එරට නීති සම්පාදකවරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.
ඒ අනුව අමෙරිකාව යටතේ ක්‍රියාත්මක වොයිස් ඔෆ් අමෙරිකා ඇතුළු මාධ්‍ය ආයතන 9 කට මෙම තහනම බලපැවැත්වෙනු ඇති.
ඒ සඳහා රුසියාවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ද හිමිව ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news