බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ඝාතනය කිරීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට.

 12/06/2017 - 12:57
44 reads

බ්‍රිතාන්‍ය ආග්‍රාමාත්‍ය තෙරේසේ මේ ඝාතනය කිරීමට සැලසුම් කළ  පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අදාළ පුද්ගලයින් දෙදෙනා අග්‍රාමාත්‍ය නිල නිවස ආසන්නයේදී බ්‍රිතාන්‍යයේ රහස් ඔත්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ සැකකරුවන් සැලසුම් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරිය ඉලක්ක කර ගනිමින් නිල නිවස අසළ බෝම්බ දෙකක් අටවා එය පුපුරවා හැරීමටයි.

සැකකරුවන්ට එරෙහිව මීට පෙර වෙස්ට්මිනිස්ටර් අපරාධ අධිකරණයක් මගින් නඩු කිහිපයක් ද ගොනු කර ඇති බව සඳහන්.

ගත වූ කාලය තුළ බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත සැලසුම් 9ක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news