ප්‍රංශයේ රොක් සංගීතඥයෙකු වූ ජොනි හැලඬේ මියයයි

 12/06/2017 - 11:53
11 reads

ප්‍රංශයේ ප්‍රසිද්ධ රොක් ගායන ශිල්පියෙකු වූ ජොනි හැලඬේ මියගොස් තිබෙනවා.

මිය යන විට ඔහු 74 වන වියේ පසු වූ අතර, හැලඬේ දීර්ඝ කාලයක සිට පෙනහලු පිලිකාවකින් පීඩා විඳ ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මොහු විසින් ගායනා කළ රෝක් ගී තැටි මිලියන සියයකට වැඩි ප්‍රමාණයක් අලෙවි වී තිබෙනවා.

1997 එවකට ජනාධිපති ජක් ශිරක් විසින් හැලඬේ හට ප්‍රංශයේ එක් ප්‍රාන්තයක නයිට් පදවිය ද පිරිනමා ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news