ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරයි

 12/06/2017 - 07:21
169 reads

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස අද පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ජෙරුසලම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතුව පැහැදිලි චින්තයක් පවතින බවයි ධවල මන්දිර ප්‍රකාශිකා සේරා සැන්ඩ්‍රස් සඳහන් කරන්නේ.  

මේ අතර, ඊයේ දිනයේදී අමෙරිකානු ජනාධිපතිවරයා දුරකතන ඇමතුමක් මගින් සෞදි අරාබි බලධාරීන් අමතා කියා සිටියේ ඊශ්‍රායලයේ අගනුවර ලෙස මේ වන විට සැලකෙන ටෙල් අවිව් නගරයේ පවතින සිය තානාපති කාර්යාලය ජෙරුසලමට රැගෙන යන බවයි.

මෙම තීරණයත් සමග මුස්ලිම් ජනතාව අතර දැඩි ගැටළුකාරී තත්ත්වයක් උද්ගත වන බවට සෞදි අරාබි රජු ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු අමෙරිකානු ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරණ සමයේ මැතිවරණ පොරොන්දුවක් ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් කියා සිටියේ තමා එම ධුරයට පත් වූ පසු ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බවයි.

මෙම තීරණය ජාත්‍යන්තර නීතියට සහ ජෙරුසලම පිළිබඳව දීර්ඝ කාලීනව පැවැති ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියට අවමානයක් වන බවයි දේශපාලන විචාරකයින් පෙන්වාදෙන්නේ.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news