ඔකී නිසා මුම්බායි අඩපණ වෙයි

 12/05/2017 - 13:05
13 reads

ශ්‍රී ලංකාවට සහ දකුණු ඉන්දියානු ප්‍රාන්තවලට බලපෑ ඔකී සුළි සුළඟ පැමිණීමට නියමිත බැවින් මුම්බායි නගරයේ පාසල් සහ කාර්යාලවලට අද නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවලට විශාල හානියක් සිදුකිරීමෙන් පසුව ඔකී සුළි සුළඟ මේ වනවිට මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් වෙරළට බලපෑම් එල් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
සුළි සුළඟ හේතුවෙන් උස් රළ ඇති විය හැකි අතර මුම්බායි වෙරළට පිවිසීමෙන් වැලකී සිටි ලෙසට ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම  ධීවරයන්ට හා නාවුක ප්‍රජාවට දැඩි අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඔකී සුළි සුළඟින් මේ වන විට ඉන්දියාවේ පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
සුළි සුළඟ පැමිණීමට පෙර මුම්බායි ඇතුළත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට ඊයේ සිට ධාරාණිපාත වැසි ඇද හැලෙන බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news