කොංග්‍රස් නායකත්වය රාහුල් ගාන්ධිට

 12/04/2017 - 21:20
8 reads

ඉන්දීය කොංග්‍රස් පක්‍ෂයේ සභාපති ධුරය සඳහා වර්ථමාන කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධි අද නාම යෝජනා භාරදුන්නා.
රාහුල් ගාන්ධි කොංග්‍රස් පක්‍ෂයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස වසර 5 කට ආසන්න කාලයක සිට කටයුතු කරනු ලබනවා.
නාමයෝජනා භාරදීමේ අවසන් දිනය අද වූ අතර, සභාපති ධුරය සඳහා රාහුල් ගාන්ධි හැර මෙතෙක් කිසිවෙක් නාම යෝජනා භාරදීමට කටයුතු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ රජිව් ගාන්ධිගේ  බිරිඳ වන සෝනියා 1998 වසරේ සිට වසර 19 ක් පක්‍ෂ සභාපතිධුරයේ කටයුතු කරනු ලැබුවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news