බොලිවුඩ් චිත්‍රපට නළු ශෂි කපුර් ජීවිතක්ෂයට පත්වෙයි

 12/04/2017 - 19:52
49 reads

බොලිවුඩ් සිනමාවේ ප්‍රවීන රංගධරයකු මෙන්ම නිෂ්පාදකවරයකු වන ශෂි කපුර් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියයන විට ශෂී කපුර් 79 වන වියේ පසු වූවා. ඔහු අද (04) පස්වරු 5.20ට පමණ මුම්බායි හි පිහිටි කෝකිලබෙන් ධිරුබායි අම්බානි රෝහලේදී ජීවිතක්ෂයට පත් වූ බව එම රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය රාම් නාරායින් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. ඉන්දීය මාධ්‍ය පවසන්නේ ශෂි කපුර්ට පසුගිය වසර කිහිපය තුළ අවස්ථා කිහිපයකදීම වකුගඩු සම්බන්ධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් ප්‍රතිකාර ලබාගත් බව රන්ධීර් කපුර් පවසා තිබෙනවා.
සිය සොයුරු රාජ් කපුර්ගේ ආග් සහ ආවාර් යන චිත්‍රපටවල ළමා නළුවකු ලෙසින් රංගනය ආරම්භ කළ ශෂි කපුර් ධීවර් සහ කභි කබී ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news