සයිබර් ප්‍රහාරයන්ට එරෙහිව චීන ජාතිකයින් තිදෙනෙකුට වරෙන්තු

 11/28/2017 - 11:53
10 reads

සයිබර් ප්‍රහාර සිදු කිරීම හා සම්බන්ධ චීන ජාතිකයින් තුන් දෙනෙකුට එරෙහිව අමෙරිකානු රජය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

එම චීන ජාතිකයින් තිදෙනා චෝදනා ලබා ඇත්තේ විද්‍යුත් තැපැල් ගිණුම්වල අඩංගු දත්ත, ව්‍යාපාර හා සම්බන්ධ ගනුදෙනු සහ ඇතැම් පුද්ගලයින්ගේ පෞද්ගිලික තොරතුරු සොරකම් කිරීම සම්බන්ධයෙනුයි.

දකුණු චීනයේ සයිබර් ආරක්ෂක සේවා සමාගමක් ද ඔවුන් විසින් පවත්වා ගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

අදාළ චීන ජාතිකයින් තිදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

news24.lk
News24
sri lanka news 24
24 news