ඒකක 7ක භූ කම්පනයක් - සුනාමි අනතුරු ඇඟවීම්

 11/20/2017 - 11:09
1859 reads

පැසිෆික් සාගරයේ ඔස්ට්‍රේලියාවට බටහිර දෙසින් ඇතිවූ ඒකක 7ක පමණ භූ කම්පනයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

පැසිෆික් සුනාමි අනතුරු  මධ්‍යස්ථානය පවසන්නේ මේ වන විටත් මුහුදු රළ සැළකියයුතු මට්ටමකින් ඉහල පැමිණ ඇති බවයි.

නමුත් මේ වන තෙක් සුනාමි තත්ත්වයක් වාර්තා වී නැහැ.

එක්සත් ජනපද  භූ විද්‍යා  සමීක්ෂණ ආයතනය පවසන්නේ  කිලෝමීටර් 82ක් පමණ ගැඹුරේ  කම්පනය හටගෙන ඇති බවයි.

මෙම ප්‍රදේශයේම ඊයේ (19) පස්වරුවේද ඒකක 6.6ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදුව ඇති බවටයි වර්තා වූයේ.
 

news24.lk
News24
sri lanka news 24
24 news
Tsunami Warning
New Caledonia
South Pacific