ධූරයෙන් ඉවත් නොවන බවට මුගාබේගෙන් ප්‍රකාශයක්

 11/20/2017 - 09:50
95 reads

සිම්බාබ්වේ පාලක සානු පී.එෆ් පක්‍ෂයේ නායකත්වයෙන් පහකළ ජනාධිපති රොබට් මුගාබේ ධූරය හැර නොයන බවට විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ මුගාබේ මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මේ වන විට හමුදා අඩස්සියේ පසුවන සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ ඊයේ පක්‍ෂ නායකත්වයෙන් නෙරපා හරිනු ලැබුවා.

එරට පාලක සානු පී.එෆ් පක්‍ෂයේ බලධාරීන් මෙන්ම ඔහු රඳවා සිටින හමුදා නායකයින් අද හරාරේ නුවරදී රැස් වී මෙම තිීරණය ගත් බවයි වාර්තා වුණේ.

ඒ අනුව අදාළ තනතුරට හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගග්වා පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, සිය පක්‍ෂය විසින් ලබාදුන් තීණ්දුව 93 හැවිරිදි මුගාබේ ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ එළඹෙන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයට ද තමන් සහභාගී වන බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news
Robert Mugabe