කැලිෆෝනියාවේ වෙඩි ප්‍රහාරයක්

 11/15/2017 - 11:22
53 reads

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Rancho Tehama නම් ග්‍රාමයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නාදුනන තුවක්කුකරුවකු විසින් දියත් කර ඇති අතර මෙම ප්‍රහාරය වැළැක්වීමට පොලීසිය සමත්ව ඇති අතර සිද්ධියෙන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විනාඩි 45ක් පුරා වෙඩිතැබීම සිදුව ඇති අතර සැකකරු ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලකටද කඩා වැදී තිබෙනවා.

සැකකරු අසල්වැසි නිවසක නිවැසියන් සමඟ තිබූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම සිද්ධිය සිදුව ඇතැයි සඳහන්.

අසල්වැසි නිවසේ කාන්තාවට පහර දීම හේතුවෙන් ඔහු මීට පෙර ජනවාරි මාසයේද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news