වසර 8000 ක් පැරණි වයින් බඳුනක් ජෝර්ජියාවෙන් හමුවෙයි

 11/14/2017 - 21:01
48 reads

වසර 8000 ක් පැරණි වයින් බඳුනක් ජෝර්ජියාවෙන් හමුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙය ලෝකයේ පැරණිම වයින් බඳුන බවට සැලකෙන බවයි.

ජෝර්ජියාවේ ටිබිලිසි අගනුවරට ආසන්නයෙන් මෙම වයින් බඳුන සොයාගෙන ඇති අතර, එය ක්‍රිස්තුපූර්ව 5,980 යුගයට අයත් එකක් බවටයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

මීට පෙර වසර 7000 ක් පැරණි වයින් සහිත බඳුනක් සොයාගනු ලැබුවේ ඉරානයෙන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news