රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව මියන්මාර හමුදාව අපරාධ නොකළ බවට අනාවරණයක්

 11/14/2017 - 19:16
45 reads

මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාව සම්බන්ධයෙන් එරට හමුදාව විසින් සකස් කළ අභ්‍යන්තර වාර්තාව නිකුත් කර තිබෙනවා.

එම වාර්තාවලට අනුව රෝහින්ග්‍යා ජනතාව ඝාතනය කිරීම, ගම්මාන ගිනි තැබීම්, කොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණය කිරීම ඇතුළු චෝදනා මියන්මාර හමුදාව විසින් ප්‍රතික්‍ෂේප කර ඇති බව සඳහන්.

තම හමුදාව කිසිදු වරදක් නොකළ බවයි එම පරීක්‍ෂණයෙන් නිගමනය වී ඇත්තේ.

කෙසේ වෙතත්, ඇමිනස්ටි ඉන්ටර්නැෂිනල් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය සඳහන් කරන්නේ මෙම පරීක්‍ෂණය හමුදාවට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සුදු හුනු ගෑමට උත්සාහ දරා ඇති බවයි.

මේ හේතුවෙන් රඛින් කලාපයේ නිරීක්‍ෂණ චාරිකාවක එක්වීමට ජගත් සංවිධානයේ සාමාජිකයින්ට අවස්ථාව ලබා දිය යුතු බව ඔවුන් පෙන්වාදෙනවා.

රෝහින්ග්‍යා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව මේ වන විට මියන්මාරයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සිය ආරක්‍ෂාව පතා බංග්ලාදේශයට පලාගොස් තිබෙනවා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news