අමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව සිදු කරන නාවික අභ්‍යාසය ගැන උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීමක්

 11/14/2017 - 15:00
92 reads

අමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව සිදු කරනු ලබන නාවික අභ්‍යාසය න්‍යෂ්ටික යුද්ධයක ආරම්භය විය හැකි බවට උතුරු කොරියාව විසින් ජගත් සංවිධානයට අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

ඇමරිකානු යුද නෞකා 03ක් සහ දකුණු කොරියානු යාත්‍රා 07ක් ඒකාබද්ධව  කොරියානු අර්ධද්වීපයේ මෙම යුධ අභ්‍යාසය පැවැත් වෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උතුරු කොරියානු නියෝජිතයා සදහන් කර ඇත්තේ ඇමරිකාව නාවික අභ්‍යාසයක් පැවැත්වීමට කොරියානු අර්ධද්වීපය යොදා ගැනීම එහි උණුසුම් වාතාවරණය ඉහළ නංවන බවයි.

යූ.එස්.එස්. - රොලන්ඞ් රේගන්, නිමිට්ස් සහ තියඩෝර් රූස්වෙල්ට් යුද නෞකා මෙලෙස එක්ව නාවික අභ්‍යාසයක නිරත වන්නේ 2007 වසරෙන් පසු ප්‍රථම වතාවටයි.

ඇමරිකාවේ මෙම පියවර හේතුවෙන් න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවියහැකි කාල සීමාව කිසිවෙකුට පැවසීමට නොහැකි වනු ඇති බවට ද උතුරු කොරියාව අනතුරු අගවා තිබෙනවා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news