බ්‍රහස්පති මෙන් 13 ගුණයක් විශාල නව ග්‍රහලෝකයක් සොයා ගැනේ

 11/13/2017 - 17:41
92 reads

බ්‍රහස්පති ග්‍රහයා වැනි 13 ගුණයක් විශාල නව ග්‍රහලෝකයක් නාසා ආයතනය සොයාගෙන තිබෙනවා.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 22,000ක් දුරින් පිහිටා ඇති මේ ග්‍රහලෝකය ධඨඛෑ-2016-ඊඛඨ-1190ඛඉ ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එම නව ග්‍රහලෝකය අසළින් තවත් කුඩා දුඹුරු පැහැති ග්‍රහ වස්තුවක් දිස්වන බව සඳහන්.
එය නව ග්‍රහලෝකයට අයත් චන්ද්‍රයෙකද යන්න පිළිබඳව තාරකා විද්‍යාඥයින් විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම ග්‍රහලෝකය නිරීක්ෂණය කර ඇත්තේ ස්පිට්සර් නම් දුරේක්ෂයෙන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news