UPDATE : ඉරාන ඉරාක දේශ සීමාවේ භූ කම්පනයෙන් මියගිය ගණන 400 දක්වා ඉහළට

 11/14/2017 - 08:15
426 reads

ඉරාන සහ ඉරාක උතුරු දේශ සීමාවේ හටගත් භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 400 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ රික්ටර් පරිමාණ ඒකක 7.3ක ප්‍රබලත්වයකින් යුක්තව හටගත් භූ කම්පනයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 6,000කට ආසන්න වන බවයි.
මිය ගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ද ඉරාන සහ ඉරාක බලධාරීන් පවසනවා.
70, 000 කට වැඩි පිරිසක් භූ කම්පනය හේතුවෙන් අවතැන්වී සිටිනවා.
ඉරාණයේ ගම්මාන 08කට පමණ භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර එම ප්‍රදේශවල විදුලි සැපයුම් මෙන්ම දුරකථන සන්නිවේදන පහසුකම් ද අඩාල වී ඇති බව සඳහන්.
අතුරුදන් සහ පීඩාවට පත්වූවන් වෙනුවෙන් වන සහන සේවා තවදුරටත් ක්‍රියාත්මකයි.

 


 

UPDATE: ඉරාක - ඉරාන දේශසීමා භූ කම්පනයෙන් මියගිය ගණන 348 දක්වා ඉහළට [11/13/2017 - 19:35]

ඉරාන සහ ඉරාක උතුරු දේශ සීමාවේ හට ගත් රිච්ටර් මාපාංක 7.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 348 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයන් දහස් ගණනක් ඉන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉරානයේ පමණක් පුද්ගලයන් 4000 ක් පමණ තුවාල ලබා ඇති බව සඳහන්.
භූ කම්පනයෙන් පුද්ගලයින් 70,000 ක් පමණ අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.


 

UPDATE: ඉරාන - ඉරාක භූමි කම්පාවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 335 දක්වා ඉහළට [11/13/2017 - 15:57]

ඉරාන සහ ඉරාක උතුරු දේශ සීමාවේ හට ගත් භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 335 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයන් දහස් ගණනක් ඉන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉරානයේ පමණක් පුද්ගලයන් 4000 ක් පමණ තුවාල ලබා ඇති බව සඳහන්.
භූ කම්පනයෙන් පුද්ගලයින් 70,000 ක් පමණ අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.

 


 

UPDATE: භූ කම්පනයෙන් 129ක් මරුට - 300කට තුවාල [11/13/2017 - 07:07]

ඉරාන සහ ඉරාක උතුරු දේශ සීමාවේ හටගත් භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ රික්ටර් පරිමාණ ඒකක 7යි දශම 3ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් බටහිර ඉරානයේ පුද්ගලයින් 125 දෙනෙකු පමණ මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 300 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

ඉරාක ජාතික පුද්ගලයින්  සිව් දෙනෙකු ද භූ කම්පනයෙන් මිය ගොස් තිබෙනවා.

ඉරාණයේ ගම්මාන 08කට පමණ භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර එම ප්‍රදේශවල විදුලි සැපයුම් මෙන්ම දුරකථන සන්නිවේදන පහසුකම් ද අඩාල වී ඇති බව සඳහන්.

--------------------------------------------------------------------------------------------------

ඒකක 7.3ක භූ කම්පනයකින් 60ක් මරුට - 300කට  තුවාල

ඉරාන සහ ඉරාක උතුරු දේශ සීමාවේ ඒකක 7.3ක ප්‍රබලත්වයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

කම්පනයෙන් බටහිර ඉරානයේ පුද්ගලයින් 61 දෙනෙකු  මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 300 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඉරාක ජාතික පුද්ගලයින්  කිහිප දෙනෙකු ද භූ කම්පනයෙන් මිය ගොස් ඇති අතර ඔවුන් පිළිබඳ නිල වශයෙන් මෙතෙක් අනාවරණය වී නැහැ.

ඉරානයේ ගම්මාන 08කට පමණ භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

එම ප්‍රදේශවල විදුලි සැපයුම් මෙන්ම දුරකථන සන්නිවේදන පහසුකම් ද අඩාල වී ඇති බව සඳහන්.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ හලබ්ජා නගරයේ නිරිත දිග ප්‍රදේශයේ කිලෝ මීටර් 19ක් පමණ දුරට මෙම භූ කම්පනයෙන් බලපෑම් සිදුව ඇති බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Earthquake
Halabja
Iraq