සමූහ මිනී වළවල් කිහිපයක් හමුවෙයි

 11/12/2017 - 10:09
55 reads

සමූහ මිනී වළවල් කිහිපයක් ඉරාකයේ හවීජා නගරය ආසන්නයෙන් සොයාගෙන තිබෙනවා.
එම නගරය පසුගිය මාසය වන තෙක් පාලනය කළේ අයි.එස්. ත්‍රස්තවාදීන් විසින්.
ඊට අමතරව ඒ ආසන්නයේ තිබී ගුවන් හමුදා කඳවුරක් ද සොයාගෙන ඇති බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.
එම කඳවුර ඝාතකාගාරයක් ලෙස භාවිත කරන්නට ඇති බවට සැක පළ කරනවා.
ඝාතනයට ලක්වූවන්ගෙන් වැඩිපිරිසක් සිවිල් ඇදුමින් සැරසී ඇති අතර අනෙකුත් අය අයි.එස් සංවිධානය මරණ දන්ඩනය නියම කිරීමෙන් අනතුරුව ලබාදෙන විශේෂ ඇදුමින් සැරසී ඇති බව සඳහන්.

news24.lk
News24
sri lanka news 24
24 news
Iraq
Mass graves
Hawija