රුසියානු ජනපතිට අපහාසයක් වූ බව අමෙරිකානු ජනපති කියයි

 11/11/2017 - 19:41
134 reads

අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටීන්ට අපහාසයක් සිදු වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.

වියට්නාමයේ පැවැත්වෙන ආසියානු ෆැසිපික් සමුළුව අතරවාරයේදී ජනාධිපතිවරු දෙදෙනා අතර සිදුවූ හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළා.

අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාවේ කිසිදු මැදිහත්වීමක් සිදු නොවූ බවයි රුසියානු ජනාධිපතිවරයා ඩොනල්ඞ් ට්‍රම්ප්ට පවසා ඇත්තේ.

මේ අතර, සිරියාවේ ක්‍රියාත්මක අයි එස් ත්‍රස්ත සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජයට පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් මෙහිදී එකඟතාවකට ද එළඹ තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news